Sinhala

Sinhalaසෑම අවස්ථාවකදී ම නීතිය ඉදිරියේ පුද්ගලයකු වශයෙන් පිළිගනු ලැබීමේ අයිතිය සෑම කෙනෙකුම සතුය. සියල්ලන්ම නීතිය ඉදිරියෙහි එකිනෙකාට සමාන වන අතර, නීතීයේ ආරක්ෂාව ලැබීමට කිසිදු විශේෂයක් නොමැතිව, සියල්ලෝම හිමිකම් ලබති, මේ ප්‍රකාශනයට පටහැනි ලෙස කෙරෙන ඕනෑම අසාධාරණයකින් ආරක්ෂා වීමේ අයිතියත් එබඳු අසාධාරණයන්ට පෙළඹවීමෙන් ආරක්ෂාවීමේ අයිතියත් සියල්ලන්ටම හිමි වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවලින් හෝ නීතියෙන් හෝ ප්‍රදානය වී ඇති මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකදී බලධාරී ජාතික අධිකරණයකින් ප්‍රතිකර්ම යොදා ගැනීමේ හිමිකම් සෑම පුද්ගලයකු සතු වේ. බලහත්කාරයෙන් අත් අඩංගුවට ගැනීමට හෝ අත් අඩංගුවේ රඳා තැබීමට හෝ පිටුවහල් කිරීමට හෝ කිසිම පුද්ගලයකු භාජනය නොකළ යුතුය. තමන්ගේ අයිතිවාසිකම් හා යුතුකම් පිළිබඳව හෝ තම්න්ට විරුද්ධව යම් අපරාධ චෝදනාවක් පිළිබඳව හෝ නිශ්චය කිරීම සඳහා සාධාරණ වූත්, විවෘත වුත්, ස්වාධීන අපක්ෂපාත නඩු විභාගයකට සෑම තැනැත්තකුම පූර්ණ සමානත්වයෙන් යුක්තව හිමිකම් ලබයි.